Saturday, April 22, 2017
ඉගෙනුමේ අඩිතාලම
අධ්‍යාපනය කියන්නේ අපි ලබා ගන්නා දැනුම. අපි ඉපදීමේ සිට මරණය දක්වාම දවසින් දවස යම් යම් දේ ඉගෙන ගන්නවා. අපි ඉගෙන ගන්නා හැම දෙයක්ම අපේ ජීවිතේදි අපිට වැදගත් වෙනවා. අපි පෙර පාසල් අවධියේදී ලබා ගන්නා දැනුම බෙහොම ස්වල්පයයි. අපි ඊළඟට එක වසර, දෙක වසර වශයෙන් සමත් වෙලා අවසානයේ දහ තුන වසරට යද්දී අපි ලබා ගෙන තියෙන දැනුම අපිට කියල නිම කරන්න බෑ. අපි එතනින් නවතින්නෙත් නැතිව ඊළඟට පිරිසක් විශ්ව විද්‍යල අධ්‍යාපනයට යොමු වෙද්දි තවත් පිරිසක් ඒ ඒ අයගෙ දක්ෂතා මත විවිධ අධ්‍යාපන ක්ෂේත්රයන්ට යොමු වෙනවා. මේ විදියට අධ්‍යාපනය ලබන යමෙකු වේද ඒ තැනැත්තා තම ජීවිතයද ජය ගන්නවා නොඅනුමානයි."අධ්‍යාපනය කටු ඉත්තකි. එහි ඵලය මල් ඉත්තකි."
මගේ ළමා විය
අ යනු ආ යනු අකුරු කළ ඒ
කාලෙ මතකයි අද වාගේමයි
යාළු යෙහෙළියො බැඳුණු මිතුදම
අදත් මතකයි පෙර වාගෙමයි
එකින්නෙක අකුරු ගළපා
තැනූ වැකි අපමණයි
අදත් සිහියට නැගෙන හැමවිට
ගුරුන් වඳිනෙමි බැති සිතින්
හෙට ලොව ජය ගන්න
දුන්නු ඔවදන් අපමණයි
නිරන්තරයෙන් නඟයි සිහියට
දැනුදු වටිනා කාලයයි
සරසවිය ලැබ ගන්න
සිත්සවිය ඔබ වෙතී
දිනක මතුදා ඔබම වී
මමද ඒ බස් පවසතී
Subscribe to:
Posts (Atom)