Thursday, June 15, 2017

අැසිපිය ගසන මළමිණිය



ඇයගේ නම රොසලියා ලොම්බාර්ඩෝ වේ. 1920 වර්ෂයේ දී ඇය මිය යන විට වයස අවුරුදු 2ක කුඩා දැරියෙකි. තම දියණියගේ අකල් මරණය දරා ගත නොහැකි වූ පියා Alfredo Salafia නම් ප්‍රසිද්ධ එම්බාම් කරන්නා වෙත ගොස් පැවසූයේ තම දියණියගේ මෘත දේහය සංරක්ෂණය කර දෙන ලෙස ය. Alfredo Salafia  දක්ෂ එම්බාම්කරුවෙකු මෙන්ම දක්ෂ චර්ම ශිල්පියෙකු ද විය. ඔහු ඒ සඳහා කෙතරම් දක්ෂ වී යත් රොසලියාගේ මරණයෙන් පසුව වසර සිය ගණනක් යන තුරු ඇයගේ මෘත දේහය සංරක්ෂණය කිරීමට කටයුතු කරන ලදි. මෙම පුංචි දැරියගේ දේහය මේ වන විට ඉතාලියේ Palermo හි Capuchin Catacombs වල වීදුරු පෙට්ටියක තබා ඇති අතර ඇයගේ කුඩා කම්මුල් අප්‍රියාකාරයෙන් ඉදිමී ඇත. දුඹුරු පැහැති කොණ්ඩය කුඩා සිල්ක් බෝ එකකින් ගැට ගසා ඇත. ඇයගේ අභ්‍යන්තර අවයව කිසිඳු පීඩාවකට හසු නොවී ඇති බවද X- ray පරීක්ෂණය මඟින් තහවුරු වී ඇත. "Sleeping beauty" යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන රොසලියා ලැම්බාර්ඩෝ ලොව විශිෂ්ඨතම සංරක්ෂිත මළ සිරුර ලෙස හඳුන්වනු ලබයි. 

ඇයගේ සංරක්ෂිත මළ සිරුර ඉතා ආකර්ෂණීය වන අතර ඇයව නැරඹීමට පැමිණෙන නරඹන්නන් පවසනුයේ ඇය ඇසිපිය ගසන බවයි. ඇයගේ නිල් පැහැති ඇස් ද අනෙකුත් ශරීර අවයව මෙන්ම කිසිඳු හානියකට පත් නොවී ඇති අතර Catacombs නම් මඳ ආලෝකයේ දිලිසෙන අයුරු දක්නට ලැබේ. බිම් ගෙය තුළ පවතින උෂ්ණත්වයෙහි වෙනස්වීම් ඇයගේ ඇසිපිය හැකිළීම සිදු කරන බව විශ්වාසයයි. නමුත් Capuchin Catacombs හි පාලකයා වන Dario Piombino- Masculi පවසන්නේ වෙනස්ම මතයකි. ඔහු විශ්වාස කරන ආකාරයට ඇයගේ ඇසිපිය ගැසීම සිදු වන්නේ ජනේලයෙන් පැමිණෙන ආලෝකයෙන් සිදු කරන ප්‍රකාශන මායාවකිනි බව පවසයි. දින ගෙවී යත්ම ආලෝකයෙන් පැමිණි දිශාවන්හි වෙනස් වීමත් සමඟ ඇසිපිය ඇරීම හා පියවීම දිනය පුරා සිදු වේ.

Piombino Mascali 2009 වර්ෂයේදී මෙය සොයා ගත් අතර ඔහු පවසන ආකාරයට රොසලියාගේ ඇසිපිය සම්පූර්ණයෙන්ම නොවැසේ. එහි කම්කරුවන්  ඇයගේ මිනී පෙට්ටිය වෙනත් තැනකට ගෙන යාමේදී මෙම ඇසිපිය ගැසීම ඉතාමත් පැහැදිලිව දැක ගත හැකිය. Piombino Mascaliයන්ගේ ගවේෂණය වූයේ Alfredo Salafia විසින් රොසලියාගේ ශරීරය සංරක්ෂණය කිරීමට යොදා ගත් රහස් ක්‍රමවේදය සොයා ගැනීමයි. ඒ සඳහා Piombino Mascali ඔහුගේ නෑදැයින් සමඟ සාකච්ඡා කිරීමටත් ඔහුට අයත් ලිපි ලේඛන සොයා ගැනීමටත් කටයුතු කරන ලදි. අභ්‍යන්තර අවයව ඉවත් කර ශරීර අභ්‍යන්තරයට natron ලුණු දමා මළ සිරුර වියළීමට හරින සම්ප්‍රදායික ක්‍රමය ඉවත් කර ශරීරයෙහි කුඩා සිදුරු විද ශරීරය තුළට ෆෝමලින්, සින්ක් ලුණු, මධ්‍යසාර, සැලිසයිලික් ඇසිඞ් සහ මිසරින් එකතු කර Salafia විසින් සාදන ලද මිශ්‍රණයක් ශරීරයට එකතු කර තිබේ. මෙම සංඝටක වලින් සාදන ලද මිශ්‍රණය සිදු කර ඇත්තේ විශිෂ්ඨ සේවාවකි. ෆෝමලින් මඟින් සියළුම බැක්ටීරියා විනාශ කිරීම, මියරින් මඟින් වියළීමට නොදී ආරක්ෂා කිරීම සහ සැලිසයිලික් ඇසිඞ් යොදා ගැනීම නිසා ශරීරයේ ඇති මාංශමය කොටස් දිලීර වලින් ආරක්ෂා කිරීමත් සිදු වේ. මීට අමතරව සින්ක් ලුණු යොදා ගැනීම මඟින් ඇගේ කම්මුල් හා නාස් කුහර තව දුරටත්  ආරක්ෂා වී ඇත. සිසිලියේ (Cicily) Catacombs හි පිහිටි අටදහසක් පමණ මළ සිරුරු අතරින් එකක් ලෙස "Sleeping beautyහැඳින්විය හැකිය.




                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                 


ඔබ දන්නවාද?

01. ශ්‍රී ලංකාවේ රාජ්‍ය ලාංඡනයේ පලාපෙති වලින් නියෝජනය කරන්නේ පාරිශුද්ධභාවයයි.
02. අම්බලන්ගොඩ ප්‍රදේශය ලී කැටයම් හා වෙස් මුහුණු සඳහා ප්‍රසිද්ධ වේ.
03. ශ්‍රී ලංකාවේ ජාතික කොඩියේ දිග පළල මෙන් දෙගුණයකි.
04. අතීතයේ ජනනාථපුරම් ලෙස හඳුන්වා ඇත්තේ පොළොන්නරුවයි.
05. කළු ගඟ මුහුදට වැටෙන ස්ථානය කළුතර වේ.
06. දැනට ඉදිකරමින් පවතින කොළඹ - මහනුවර අධිවේගී මාර්ගය හඳුන්වන්නේ E4 ලෙසයි.
07. “කැළෑ හඳ” සිංහල නව කතාවක් ඇසුරින් නිෂ්පාදනය කරන ලද ප්‍රථම චිත්‍රපටයයි.
08. ශ්‍රී ලංකාවේ වැඩිම ජල ධාරිතාවයක් රැගෙන යන ගඟ කළු ගඟයි.
09. ජාත්‍යන්තර සංවිධාන වැඩිම ප්‍රමාණයක මූලස්ථානය පිහිටා ඇති නගරය වන්නේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරයි.
10. චන්ද්‍ර වර්ෂයක් සඳහා පෘථිවි දින 687කි.
11. ලෝකයේ විශාලම වරායන් වැඩිම ප්‍රමාණයක් පිහිටා ඇති රට චීනයයි.
12. ශ්‍රී ලංකාවේ කැබිනට් ඇමතිවරු ගණන 47කි. ඉන්දියාවේ කැබිනට් ඇමතිවරු ගණන 26කි.
13. ලෝකයේ සැහැල්ලුම චන්ද්‍රිකාව වන “Kalaam Sat” නිර්මාණය කරන ලද්දේ ඉන්දියාවයි.
14. සිංහරාජ වනාන්තරයෙන් අළුතින් සොයා ගත් ශාකය කන්නන්ගර ලෙස නම් කර තිබේ.
15. විදේශ තානාපති ධූරයට පත් වූ ප්‍රථම ශ්‍රී ලාංකික කාන්තාව ලොරනි සේනාරත්න මහත්මියයි. 
16. රක්තපාත රෝගය ඇති වීමට විටමින් ඊ ඌණතාවය හේතු වෙයි.
17. වැඩිම නොබෙල් ත්‍යාගය හිමි පිරිසක් සිටින රට ඇමරිකාවයි.
18. කාන්තාවන්ට සිදුවන අසාධාරණයන්ට එරෙහිව සටන් වදින රෝස කල්ලිය නැමැති සංවිධානය ක්‍රියාත්මක රට ඉන්දියාවයි.
19. ශ්‍රී ලංකාවේ නානායක්කාර රාජ වංශයේ ප්‍රථම රජතුමා වන්නේ ශ්‍රී විජය රාජසිංහ රජතුමාය.
20. වර්තමානයේ මුතු බෙල්ලන් අපනයනයෙන් වැඩිම ආදායමක් ලබන රට වනනේ පකිස්ථානයයි.