ලෙස්ලි ඒ වයිට් ප්‍රකාශ කර ඇති පරිදි “සංස්කෘතිය වනාහි සංකේතාත්මකවූත්, අඛණ්ඩවූත්, අළුතින් දේවල් එකතු කර ගන්නාවූත් ප්‍රගතිශීලී ක්‍රියාදාමයකි.” වර්තමාන සමාජය අතිශය සංකීර්ණ වූවකි. මෙම සංකීර්ණත්වයට ආර්ථික, සමාජීය, දේශපාලනය යන සාධක බලපා ඇත. ඊට අමතරව භූගෝලීය සාධක මෙන්ම සංක්‍රමණ, ආක්‍රමණ වැනි හේතූන්ද බලපා තිබේ. වර්තමාන සමාජයේ සංස්කෘතික ස්වභාවය පිළිබඳව අවධානය යොමු කිරීමේ දී භාෂා රටාව, ඇදහලි හා විශ්වාස, සිරිත් විරිත් මෙන්ම ඇඳුම් පැළඳුම්වල වෙනස්කම් ද සිදු විී ඇත්තේ පවතින සමාජයට අනුකරණය වීමක් ලෙසය. මේ අනුව අපගේ සියළු ක්‍රියාකාරකම් හා සිතුම් පැතුම් සංස්කෘතිය මත තීරණය කෙරේ. අපි සියළු දෙනාම සමාජය තුළ පිළිගත් ජීවන රටාවකට අනුව හැඩගැසී සිටිමු. මේ හැඩගැස්ම හෙවත් හැදියාව සංස්කෘතිය වන්නේය. පුද්ගලයෙකු වශයෙන් උපතේ සිට මරණය දක්වා අපි හැසිරෙන්නේ එකිනෙකාට උරුම වූ සංස්කෘතියකට අනුව වේ. ජන සමාජයේ දක්නට ලැබෙන සියළුම බලවේග මෙහෙයවන ලක්ෂණ සංස්කෘතියට අයත් වේ.
සංස්කෘතික අධ්‍යනය යනු, විවිධ සමාජවල සංස්කෘතික ප්‍රභවය අධ්‍යයනය කිරීමට භාවිත කෙරෙන අතිශය සංකල්‍යවාදී අධ්‍යනයකි. එහිදී ස්ත්රීවාදී න්‍යාය, සමාජ න්‍යාය, දේශපාලන න්‍යාය, ඉතිහාසය, දර්ශනය, සාහිත්‍ය න්‍යාය, මාධ්‍ය න්‍යාය, චිත්‍රපට හා වීඩියෝ අධ්‍යයනය, සන්නිවේදන අධ්‍යයනය, දේශපාලන විද්‍යාව, ආර්ථික විද්‍යාව, කෞතුක හා කලා විචාරය යන විෂය ක්ෂේත්‍ර ගණනාවකින් සම්බන්ධව ඇති අයුරු හදුනාගත හැක. මේ සංස්කෘතික අධ්‍යයනයේදී යම් සංස්කෘතියක් තුළ විවිධ අර්ථ උත්පාදනය කරන, ඒවා සමාජය පුරා විසුරුවා හරින, එමෙන්ම නැවත ප්‍රතිනිෂ්පාදනය කරන සමාජයේ ඇති විවිධ ව්‍යවහාරයන්, භාවිතයන්, විශ්වාසයන්, ආයතන සහ දේශපාලන, ආර්ථික හා සමාජීය ව්‍යූහයන් මොනවාද යන්න හඳුනා ගැනීමට උත්සාහ ගනියි.
සංස්කෘතිය තුළින් ගොඩනැඟුණු අන්තර් සංස්කෘතිය වනාහි අද ලොව පුරා විහිදී යන්නකි. විවිධ සංස්කෘතීන් තුළ පවත්නා විවිධත්වය නොතකමින් ඒ එක් එක් සංස්කෘතීන්ට හැඩගැසීම අන්තර් සංස්කෘතිය නම් වේ. මේ සදහා උදාහරණයක් වශයෙන් ගතහොත් ලාංකීය ජනතාව ඉන්දියානු ඇඳුම් විලාසිතාවලට හැඩගැසී ඇත. ඊට අමතරව තවත් ආකාරයට එක් සංස්කෘතියක් තවත් සංස්කෘතියක පවත්නා සිරිත් විරිත්, ඇදහිලිවලට ක්‍රමයෙන් ඇදීයාමක් දක්නට ලැබේ. ඒ තුළ දක්නට ඇත්තේ අන්තර් සංස්කෘතියක් ගොඩනැඟීමයි. මෙහදිී අනුකරණය වීමක් දක්නට ලැබෙනවා යන්න පැවසීම ද වරදක් නොවේ.
මෙම අන්තර් සංස්කෘතිය බිහිවීීමට දෙවන ලෝක යුද්ධයෙන් පසු කාලය බලපා ඇත. ගෝලීයකරණයේ ප්‍රතිඵලයක් වශයෙන්ද ලොව පුරා අන්තර් සංස්කෘතියට මිනිසා ක්‍රමයෙන් හැඩගැසීමක් දක්නට ලැබී ඇත. එකී හැඩගැසීම තුළ ලාංකීය ජනතාව තමන්ට ආවේණික සංස්කෘතික ගතිලක්ෂණයන්ගෙන් ඔබ්බට යමින් අන්‍ය සංස්කෘතික ලක්ෂණ තම ජීවිතවලට ආඳා ගන්නට විය. ඒ අනුව භාෂාව, ඇදුම් පැළදුම්, සිරිත් විරිත්, ඇදහීම් තුළ දක්නට ලැබුණේ අන්තර් සංස්කෘතික ලක්ෂණයන් ය. ඉන් ඔබ්බට ගිය නිර්මාණකරුවා ද නව නිර්මාණකරණය තුළින් අන්තර් සංස්කෘතිය හුවා දැක්වීමට මහත් වෙහෙසක් දැරීය. ඒ ඔස්සේ ගීතයට, නර්තනයට, සිනමාවට ආදී බොහෝ කලා ක්ෂේත්‍රයන්ට අන්තර් සංස්කෘතික ලක්ෂණ අන්තර්ගත කිරීම දැක ගත හැකි විය. විශේෂයෙන් ම ලාංකීය ජනතාව තම සංස්කෘතික ලක්ෂණයන්ට හැඩගැසෙමින් අන්තර් සංස්කෘතික ලක්ෂණයන්ට හැඩගැසුණේ දකුණු ඉන්දියාවේ සංස්කෘතික ලක්ෂණයන් අනුකරණය කරමිනි. එදා සිට අද පවත්නා තත්ත්වය දෙස බලන කල්හි එය මනාව තහවුරු වේ.