ටිබෙට් සානුවට මායිම්ව පිහිටා ඇති මස්ටෑන්ග් රාජධානිය නේපාලයේ හිමාලය කඳු වැටියේ පිහිටි හුදෙකලා සහ අප්‍රසිද්ධ ප්‍රදේශයකි. බෞද්ධ රාජධානියක් වශයෙන් පැවැති මස්ටෑන්ග් 18වන සියවසේදී නේපාලය විසින් අත්පත් කර ගනිමින් නේපාලයට ඒකාබද්ධ කර ගත්තද 1950 වන තුරු වෙනම රාජ්‍යයක් වශයෙන් පැවතුණි. මාස්ටෑන්ග් රාජධානියේ පැවැති සංවේදී දේශසීමා නිසා 1992 වන තෙක් එය විදේශිකයන්ට සීමා රහිත ප්‍රදේශයක් බවට පත් වී තිබුණි. නේපාලයට වඩා ටිබෙටයට සමීපව තිබූ මස්ටෑන්ග්හි සාපේක්ෂ හුදෙකලා බව නිසාම එෛතිහාසික සංස්කෘතිය ආරක්ෂා විය.
මෙහි භූමි දර්ශනය කෙතරම් සුවිශේෂීද කිවතොත් නේපාලයේවත් එවැනි භූමියක් නොමැත. කාලි ගන්ධකී ගංඟාවෙන් කැටයම් කළ ගැඹුරු දුර්ගයන් සහ අත්භූත ආකාරයෙන් කැටයම් කරන ලද පර්වත මෙම භූ දර්ශනයට අයත්ය. ප්‍රාන්තයන්හි මුහුණුවරින් කියාපානුයේ වසර 10000කට වඩා පැරණි ගුහාවන් එහි තිබෙන බවයි. ඉන් සමහරක් සානුවේ සිට අඩි 150කට වඩා උසකින් පිහිටා ඇත. එම ගුහාවන් නිර්මාණය කළේ කවුදැයි කිසිවෙකු නොදනී. එපමණක් නොව එම ගුහා පිහිටා ඇති පරිද්දෙන් ඒවා තිරස්ව නියමිත මිම්මට නිර්මාණය කර ඇත්තේ කවුදැයි නොදනී.
අත්දැකීම් සහිත කඳු නඟින්නන්ට පවා සමහර ගුහාවලට ළඟා වීමට නොහැක. අද වන විට බොහොමයක් ගුහා හිස්ව පැවතියත් අනෙකුත් ගුහා ගෘහස්ථ වාසස්ථානයක සළකුණු පෙන්නුම් කරයි. ගිනි උඳුන්, ධාන්‍ය අටු, නිදන ස්ථාන ඊට සාක්ෂි දරයි. ඒ අතර භූමදාන කුටිද දක්නට ලැබේ. එම කුටි වලින් සොයා ගන්නා ලද විවිධ මළ සිරුරු විශාල ප්‍රමාණයක් වසර 2000කට වඩා පැරණිය. එම මළ සරුරු දැව යහන්වල තබා ඇති අතර තඹ ආභරණ සහ පබළුවලින් සරසා ඇත.
අනෙකුත් ගුහාවන් තුළින් බුදු දහම මස්ටෑන්ග්වලට පැමිණීමට පෙර එනම් 3වන සියවසේ සිට 8වන සියවස දක්වා අයත් ඇටකටු සොයා ගෙන ඇත. එම ඇටකටුවලට සළකුණු කපා ඇති අතර ඒවා ආකාෂ භූමදානයේ ශේෂයන් විය හැකිය. ආකාෂ භූමදානය යනු ශරීරයේ මාංශ කොටස් කෑලිවලට කපා ගිජු ලිහිණියන්ට කෑමට දැමීමයි. මෙය අද දක්වාද ඈත හිමාලයේ ඇතැම් ප්‍රදේශවල දක්නට ලැබේ.
පුරාවිද්‍යාඥයන් විශ්වාස කරනුයේ මස්ටෑන්ග්වල පිහිටි ගුහා කාල පරිච්ඡේද 3කට අයත් වන බවයි. එම ගුහා වසර 3000කට පෙර පළමුවෙන්ම භාවිත කර ඇත්තේ භූමදාන කුටීර වශයෙනි. ඉන්පසු එනම් වසර දහසකට පෙර එම ගුහා ප්‍රාථමික ජීවිත ගත කිරීමට යොදා ගත් අතර එම පුද්ගලයින් යුධ අවස්ථාවන්හි පළා ගිය පිරිස් හෝ එම ප්‍රදේශවලට බලෙන් ඇතුළු වූ පිරිස් විය හැකිය. අවසාන වශයෙන් එනම් 1400 පමණ වන විට බොහෝ පුද්ගලයින් ප්‍රමාණයක් සාම්ප්‍රදායික ගම්මානයක් වෙත සංක්‍රමණය වූ අතර එම ගුහා භාවනා කිරීම සඳහා යොදා ගෙන ඇත. මෙම ගුහාවන්ගෙන් කිහිපයක් ඛමරස ඨදපච් වැනි ආශ්‍රමයන් බවට පත්ව ඇත. ක්‍යමබටිස ආශ්‍රමය සහ භහසචයමන ආශ්‍රමය මෙම ගුහා ඇතුළත මෙන්ම පිටතද පැවතී ඇත.
මස්ටෑන්ග්වල ප්‍රසිද්ධම ආශ්‍රමය වනුයේ ඛමරස ඨදපච් ය. මෙම ආශ්‍රමය භූමියේ සිට මීටර් 100ක් පමණ උසින් ගැටියක පිහිටා ඇත. මෙය ස්වභාවිකව සාදන ලද වැලි ගල් ආකෘතියේ කුළුණක් ආකාරයෙන් දිස් වෙයි.
සර්පාකාර අඩිපාර සානුවේ පතුලේ සිට කාමර දෙකකින් සමන්විත සෑම ප්‍රවේශයකටම ගමන් කරයි. පිටතින් පිහිටා ඇති කුටීර පූජාසනයකින් සමන්විත වන අතර ඇතුළත කුටීර ඉන්දියාවේ විශේෂ බලයක් ඇති ඍෂිවරුන්ගේ සිතුවම්වලින් සරසා ඇත. මෙම අත්භූත ආශ්‍රමයන් පිළිබඳ සඳහන් වන කිසිඳු ලේඛණයක් නොමැත. නමුත් මෙහි සිතුවම් 14වන සියවසේ හෝ ඊට පෙර අඳින ලද ඒවා බව පෙනෙන්ට ඇත.