1. Google
Data Center
අප භාවිත කරන Google තොරතුරු සියල්ලම මෙහි ගබඩා වේ. Area 51 ප්‍රදේශයට සමාන ආරක්ෂාවක් මෙම ස්ථානයට ලබා දී තිබේ.
2. Area 51
ඇමරිකාවේ නෙවාඩා ප්‍රාන්තයට අයත් ප්‍රදේශයක පිහිටි මෙම ස්ථානය ඇමරිකාවේ රහස් යුධ කටයුතු සඳහා භාවිත කරන බව වාර්තා වේ. තවද හඳුනා නොගත් පියාසර කරන යානා සහ පිටසක්වල ජීවීන් ගැන පරීක්ෂණ කටයුතු මෙහිදී සිදු කෙරෙන බව ආරංචි පැතිරෙයි. නමුත් තවමත් මෙම ප්‍රදේශය ගැන නිල වශයෙන් ප්‍රකාශයක් කර නොමැත.
3. Disney Club 33 Exclusive Club
ඇමරිකාවේ ෆ්ලෝරිඩා ප්‍රාන්තයේ පිහිටි ඩිස්නිලන්තයේ පිහිටා තිබෙන ස්ථානයකි. විශේෂ පුද්ගලයින් පමණක් සතුටු වීමට නිතර පැමිණෙන ස්ථානයකි. ඇමරිකානු ජනාධිපති සහ සුපිරි තරු මෙම ස්ථානයට පැමිණෙන පුද්ගලයින් අතර වේ.
4. Mezghory, Russia
රුසියාවේ රහස් න්‍යෂ්ටික මිසයිල සවිකර ඇති ප්‍රදේශයකි. දුරස්ථ පාලක මඟින් ක්‍රියාත්මක වන ස්වයංක්‍රීය බැලස්ටික් මිසයිල මෙහි පිහිටා තිබෙන බව වාර්තා වේ.
5. Room 39 North Korea
උතුරු කොරියාවේ Room 39 නමින් හැඳින්වෙන මෙය Bureau 39 නමින්ද හඳුන්වනු ලැබේ. උතුරු කොරියානු නායකයා විසින් මුදල් සම්බන්ධ ගණුදෙණු සඳහා මෙය භාවිත කරන බව වාර්තා වේ.
6. Moscow Metro- 2
රුසියාවේ උමං දුම්රිය මාර්ගයට සමාන්තරව මෙම උමං මාර්ගය පිහිටා ඇත. රුසියානු බුද්ධි අංශ විසින් පවත්වා ගෙන යන උමඟකි. රුසියාවේ අධි ආරක්ෂිත ස්ථාන වෙත මේ හරහා ගමන් කළ හැකිය.
7. Pine GAP- Australia
Area 51 ස්ථානයට සමාන ඕස්ටේ්‍රලියාවේ පිහිටි ස්ථානයකි. මෙය පවත්වා ගෙන යනු ලබන්නේ ඔස්ටේ්‍රලියානු රජය විසින් සහ CIA සංවිධානය විසිනි. මෙම ප්‍රදේශයට ඉහළ අහසේ ගුවන් ගමන් පවා තහනම් කර තිබේ.
8. Lascaux Caves- France
නිරිත දිග ප්‍රංශයේ පිහිටි මෙම ගුහාවේ විශේෂ සිතුවම් කිහිපයකින් සමන්විත වේ. එම සිතුවම් අවුරුදු 17,500ක් පමණ පැරණි ඒවා බව වාර්තා වේ. කලකදී මෙම චිත්‍ර නැරඹීමට මහජනයාට අවස්ථාව ලබා දුන්නද පසුව එය තහනම් කර තිබේ.
9. Vatican Secret Archive
වතිකානුවේ පිහිටි පුස්තකාලයකි. මෙම ස්ථානයට ඇතුල් වීමට අවසර තිබෙන්නේ පුද්ගලයින් කිහිප දෙනෙකුට පමණි. මෙහි පොතක් කියවීමට අවශ්‍ය කෙනෙකුට එහි පිටපතක් ඊ- මේල් මඟින් යවනු ලැබේ.
10. Bohemian Grove
ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පිහිටි මෙම ස්ථානය අක්කර 2,700ක ප්‍රදේශයකි. වසරේ එක් කාලයක මෙම ස්ථානයට ලොව සුපිරි පුද්ගලයින් පැමිණ රහසේ කඳවුරු පවත්වනු ලබයි.