තාරුණ්‍යයේ උන්මාදයක්ව අපි දුටු මෙම සෙල්ෆි මාෆියාවට වර්තමානයේ වයස්ගත ආච්චි සීයාද ඇබ්බැහි වීම හාස්‍යයට මෙන්ම පුදුමයට කරුණක් වී තිබුණද, අද සත්‍යය එයයි. ඔවුන්ට එය විටෙක විනෝදාත්මක දෙයක් වීමට හැකිය. අද වන විට මෙවැනි තත්ත්වයක් උද්ගත වී ඇත්තේද නව ජංගම දුරකථන වෙළඳ පොළෙහි විකිණීමට තිබීමත් හා අතීතයේ පැවැති එකිනෙකා අතර පැවැති සහසම්බන්ධතාවයන් ක්‍රමයෙන් අද වන විට දුරස් වීමත් හෙයිනි. එවිට ඕනෑම අයෙකු තමාටම කියා දුරකථනයක් භාවිත කිරීමට කැමැත්තක් දක්වන්නේය. මේ නිසා වයස් භේදයකින් තොරව බාල මහළු සෑම කෙනෙකුම අධික මුදල් වියදම් කර ජංගම දුරකථන මිළදී ගනියි. ඒ හරහා එකිනෙකා අතර ගොඩනැඟෙන සම්බන්ධතාවය ඉහළ යෑමක් අපට දැක ගත හැකිය. නමුත් මේ නිසා සිදුවන අනතුරු විනාශ ඒ අනුවම ඉහළ යන බව සමාජයේ බොහෝ දෙනෙක් පවසති. එය සත්‍යයක් වුවද සංවර්ධනය වෙමින් පවතින රටක් වශයෙන් නව තාක්ෂණය ඔස්සේ ඉදිරියට යෑම අතින් තවමත් අප ප්‍රමාදය.
වෙනස්වන ලෝක යථාර්ථය සමඟ මානව සමාජයේ අපේක්ෂා හා අවශ්‍යතාද පරිණාමය වේ. ඒ අනුව සන්නිවේදන අවශ්‍යතාවයද එක් වී ඇති බව මුලින්ම වටහා ගනු ලැබුවේ නෙල්සන් මැන්ඩලා ය. 1995 දී දකුණු අප්‍රිකාවේ නව ජංගම දුරකථන ජාලයක් විවෘත කරමින් ඔහු කළ කථාවක පවසා සිටියේ “එකිනෙකා සමඟ සබඳතා පවත්වා ගැනීමට අප කවුරුත් ඉතා කැමතියි. එය මූලික මානව අවශ්‍යතාවයක්” යනුවෙනි. එමඟින්ද අපට තහවුරු කෙරෙන්නේ ජංගම දුරකථනය වනාහි ජීවිත විනාශ කරන්නට හඳුන්වා දුන් උපකරණයක් නොව එකිනෙකා අතර සහසම්බන්ධතා ගොඩනඟා ගැනීමට උදව් වන උපකරණයක් බවයි.
ඒ අනුව ජංගම දුරකථනයක් භාවිත කිරීම අනුවණ ක්‍රියාවක් යැයි කිසිවෙකුට පැවසිය නොහැක. සංවර්ධිත රටවල් අතර ඇමරිකාව, චීනය වැනි රටවල දුරකථන නිෂ්පාදනය හා අළෙවිය තරඟකාරීව සිදු කෙරේ. එරට ජනතාවද ජංගම දුරකථන භාවිතය වැඩි වශයෙන් දැක ගත හැකිය. නමුත් අපේ රට තරම් සෙල්ෆි මාෆියාවකට ජීවිත බිලි දීමක්නම් මේ වන තෙක් ඒ රටවල්වලින් වාර්තා වී නොමැත. “රටක සංවර්ධනය එරට වැසියාය.” ඒ නමුත් රටේ වැසියා ජංගම දුරකථනයක් භාවිත කළ පමණින් එරටට වන හානිය කුමක්ද? කළ යුත්තේ දුරකථනය නිසියාකාර භාවිතයට තබා ගැනීමය. සමාජයේ උගත් නූගත් සෑම කෙනෙක්ම ජංගම දුරකථනයට ඇබ්බැහි වීම නම් ජීවිත විනාශයට ප්‍රධාන හේතුවයි.
වර්තමාන බොහෝ තරුණ පිරිස් විවිධ මාදිලියේ ජංගම දුරකථන මිළදී ගැනීමේදී ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වන්නේ දුරකථනයෙන් ඡායාරූප ලබා ගැනීමට පැහැදිලි කැමරාවක් අනිවාර්යෙන්ම තිබීමයි. ඒ අනුව SAMSUNG, OPPO, Apple, Lenovo ආදී විවිධ වර්ගයේ ජංගම දුරකථන මිළදී ගනියි. ඒ සඳහා අධික මුදලක් වියදම් කිරීමටද ඕනෑම අයෙකු දෙවරක් නොසිතයි. තරුණ කාන්තාවන් විලාසිතා කරන්නට දක්වන්නේ දැඩි කැමැත්තකි. ඒ නිසාම ඔවුන් විවිධ ඇඳුම් පැළඳුම් මිළදී ගැනීමට ඉහළ පන්තියේ කඩ සාප්පු වෙත යයි. එසේ යන ඔවුන්ට සෙල්ෆියක් අන්තර්ජාලයේ පළ කිරීමට ගත වන්නේ සුළු වේලාවකි. වැඩි මුදලක් වියදම් කර මිළදී ගත් ඇඳුම් ඇඳ ගත් විගස සෙල්ෆි ගසන්නට ඔවුන් අමතක නොකරයි. ඒ වගේම ෆේස් බුක් හෙවත් මුහුණු පොත හරහා එම ඡායාරූප පළ කරමින් යහළුවන්ගෙන් ඛසනැල ක්‍දපපැබඑ බලාපොරොත්තු වන්නේ තම පෞද්ගලික ජීවිතද මුදලට විකුණාය. ඒ තුළින් ඔවුන් ලබන්නේ මානසික තෘප්තියකි. බොහෝ පිරිස් එදිනෙදා සිදු කරන සියළු කාර්යයන් ෆේස් බුක් හරහා ප්‍රසිද්ධියට පත් කරයි. එසේ සිදු කරන්නේ තවකෙකුගේ ආධාරයක් අවශ්‍ය නොවන මේ සෙල්ෆි නම් වූ තවත් එක් ආකාරයක ස්වයං වින්දනය හරහාය.
සෙල්ෆි ගැනීමට පෙළඹෙන ප්‍රමාණය දිනෙන් දින වැඩි වීමත් සමඟ වර්තමනයේ අපට බොහෝ ආන්දෝලනාත්මක හා ශෝචනීය සිද්ධීන් අසන්නට දකින්නට ලැබුණි. දෙමව්පියන්ට දරුවන් අහිමි වීම, ස්වාමියාට බිරිඳ අහිමි වීම පමණක් නොවේ, මේ මුළු රටක් වෙනුවෙන් සේවය කරන්නට ජනතාව වෙනුවෙන් බැඳී සිටි ඒ මහනුවර කුරුප්පුවල ප්‍රදේශයේ පදිංචිව සිටි වෛද්‍යවරයාද ශෝචනීය ලෙස මරණයට පත් වූයේ මෙම සෙල්ෆි ගැසීමේ ආශාව මතය. සෙල්ෆි ගැසීම වරදක් නොවේ. නමුත් අපි අපේ ජීවිතය ගැන පළමුව සිතිය යුතුය. සෙල්ෆි ගැනීමට ප්‍රථමව තමා සිටින්නේ කොහිද?, තමා අවට සිටින්නේ කවුද? යන්න වඩාත් සැළකිලිමත් විය යුතුය. ඒ සඳහා යහපත් මානසිකත්වයක් පැවතීම අනිවාර්ය වේ. විශේෂයෙන්ම දුම්රිය මාර්ගයේ සෙල්ෆි ගැනීම අවදානම් බව මතක තබා ගත යුතුය.
මේ සෙල්ෆි මාෆියාවෙන් මේ වන විට මාරයාට බිලි ඇති ජීවිත ප්‍රමාණය කීයක්දැයි මෙහොතකට ඔබත් සිතා බලන්න. සෑම අයෙකුටම නිදහසේ ජංගම දුරකථන භාවිත කළ හැකි අවධියක ඒ නිදහස මරණයට අත වැනීමක් නොවන්නට හැම විටෙකම කල්පනාකාරී වන්න.
මෙවැනි සෙල්ෆි ගැනීමෙන් වළකින්න
මෙවැනි සෙල්ෆි ගැනීමෙන් වළකින්න

True story
ReplyDeleteHmmm...
ReplyDeleteM...the important topic at present ....
ReplyDeleteTnk u malli...
ReplyDeleteELA ELOOO
ReplyDeleteELA ELOOO
ReplyDelete